ඔස්ට්‍රේලිවේ හා නවසීලන්තයේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලංකා සිසුවෙක් සිය අවංකභාවය නිසා කෝටිපතියයෙක් බවට පත්වූ පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි.
2011 වසරේ අගෝස්තු මාසයේදී චමිඳු අමරසිංහ නම් වූ මෙම සිසුවා ඔස්ට්‍රේලියාවේ චැනල් 9 සේවාවේ වැසිකිළියක තිබී ඩොලර් 100000 අධික මුදලක් සොයා ගෙන තිබේ. මේ පිළිබඳව ඔහු සමාගමේ ආරක්ෂක අංශ වෙත දැනුම්දී තිබෙන අතර පසුව එම මුදල් පොලීසියට භාර දි තිබේ. ඉන්පසුව පොලීසිය මෙම මුදල්හි අයිතිකරු සොයාගැනීම සඳහා කටයුතු කරනු ලැබීය.
එහෙත් වසර තුනකට පසුවත් එම මුදල් සඳහා අයිතිකරුවෙක් සොයා ගැනීමට පොලීසියට නොහැකිවූ බව උසාවියට දැන්වීමෙන් පසුව උසාවිය තින්දු කළේ මෙම මුදල් චමිදුගේ අවංකකම නිසා ඔහුට හිමිවිය යුතු බවයි. චමිදු මේ වන විට නවසීලන්තයේ ඉගෙනුම ලබමින් සටියි.
අදාළ මුදලින් ඩොලර් 89597ක් (රුපියල් ලක්ෂ 109ක් පමණ) චමිදුට හිමිවිය යුතු බවත් ඉතිරි මුදල් රාජසන්තක කරන ලෙසත් මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (08දා) තීන්දු කර තිබේ. එසේම ඔහුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවයත් හිමිව තිබේ.
තමන් මෙම මුදල් විනාශ නෙකරන බවත් කොටසක් ආබාධිත පුද්ගයන්ට උපකාර කිරීම සඳහා යොදවන බවත් තවත් කොටසක් බර්වික් විහාරයට පරිත්‍යාග කරන බවත් චමිදු පවසා තිබේ.