පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පිහිටුවා ඇති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට බල කිරීමේ හැකියාවක් නැතැයි කොමිසම අද (13දා) තීන්දු කළේය.
එසේම ඇලෝසියස් මහතාට සිය කැමැත්තෙන් කොමිසම හමුවේ සාක්ෂි දිය හැකි බවත් එසේ නොමැතිව කොමිසමක් හමුවේ සාක්කි ලබාදෙන ලෙස බලකිරීමේ හැකියාවක් නැති බවත් කොමිසම දන්වා සිටියේය.
අද (13දා) කොමිසමේ කැඳවීමක් අනුව ප්‍රකාශයක් ලබාදීමට එහි ගිය අර්ජුන් අලෝසියස් මහතාට මේ බව කොමිසම දන්නා සිටියේය.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු 13ක් පිළිබඳව අර්ජුන් ඇලෝසියස්ගෙන් විමසීමට අපේක්ෂාවෙන් සිටි බවද කොමිසම ප්‍රකාශ කළේය.