අලුත්ගම, දර්ගා නගරය හා බේරුවල ප්‍රදේශයන්ට පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 8.00 න් පසු ඉවත් කෙරිණි.
මේ වනවිට එම ප්‍රදේශයන්හි සාමකාමී වාතාවරණයක් දැකගතහැකි අතර, අලුත්ගම නගරයේ සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු සිදුකෙරේ. අලුත්ගම බස්නැවතුම් පොළේ බස් ගමනාගමනයද මේ වනවිට යථා තත්ත්වයට පත්වී තිබේ.
නගරයේ වෙළෙඳ ආයතන රැසක්ද ගනුදෙනු සඳහා විවෘත කර ඇත. කෙසේ වෙතත් තවදුරටත් ප්‍රදේශය පුරා පොලීසිය, හමුදාව ඇතුළු ආරක්ෂක අංශ රාජකාරීවල නිරතව සිටී.
චතුරිකා ජයරත්න