අලුත්ගම, බේරුවල, වැලිපැන්න, මතුගම ප්රදේශවල ඇති වූ සිද්ධීන් විමර්ශනය කිරීම සඳහා තවත් කණ්ඩායම් 15ක් පත්කරන බව පොලිස් මූලස්ථානය පවසයි. මීට ඉහතදී එම සිදුවීම් පිළිබඳ පරීක්ෂණ කිරිම සඳහා කණ්ඩායම් පහක් පත්කර තිබුණි.
ඒ අනුව අලුත්ගම අැතුළු ප්රදේශවල ඇතිවූ සිද්ධීන් පිළිබඳව විමර්ශනය කරන කණ්ඩායම් ගණන විස්සක් බවට පත්විය.
එමෙන්ම එම සිදුවීම් වලට සම්බන්ධ බවට අනාවරණය වන පුද්ගලයන් ඔවුන්ගේ තරාතිරම නොබලා වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස පොලිස්පති විසින් නියෝග කර තිබේ.
පොලිස් මූලස්ථානය තවදුරටත් පවසන්නේ අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවන් 58 දෙනෙකු අත්අඩංගුවට ගෙන 35 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි.