හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10දා) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රි මහා බෝ සමිදුන් අභියසදී පැවැත්විණි.
අලුත් සහල් මංගල්‍යයට එක්වූ ජනාධිපතිවරයා පළමුව ජය ශ්‍රි මහා බෝ සමිදුන් වැද පුදාගෙන ආශිර්වාද ලබාගත්තේය. අනතුරුව අලූත් සහල් මංගල්‍යයට එක් විය.
වස විස නැති දේශීය සහල් බදුන ජනාධිපතිවරයාගේ සුරතින් ගරුතර මහා සංඝරත්නය වෙත පූජා කිරීම මෙහිදී සිදු විය.
වැදි නායක ඌරුවරිගේ වන්නිලෑත්තෝ විසින් සාම්ප්‍රදායානුකූලව ජය ශ්‍රි මහා බෝධින් වහන්සේට මී පැණි පූජා කිරීමද මෙහිදී සිදු වූ අතර සියලු පළාත් ආවරණ වන පරිදි ඒ ඒ ප්‍රදේශවලට ආවේණික වූ දේශිය සහල් ජනාධිපතිතුමා වෙත ප්රදානය කිරීමද සිදු කෙරිණි.