මුහුදේ සිට ගොඩබිමට බොරතෙල් පොම්ප කරන නළයේ සිදු වූ පිපිරීමට හිලව් ලෙස නව නළයක් ලබාදීම අදාළ ඉතාලි සමාගම ප්‍රතික්ෂේප කර ඇති බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී කීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙසය.
මෙකී නළය ඉතාලියේ මනුලි රබර් ඉන්ඩස්ට්‍රීස් සමාගම විසින් පසුගිය පෙබරවාරි 05 වැනි දින සවිකරන ලදී. එහෙත් එම නළය සවිකිරීමෙන් මාස තුනක් හා දින 20 කට පසුව මෙසේ පුපුරා ගොස් ඇත. ඒ සඳහා වසර 3 ක වගකීමේ කාලයක් තිබුණද නව නළයක් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.
එය ඛනිජ තෙල් සංස්ථාවට පිළිගත නොහැකි බව කී අමාත්‍යවරයා, ඊට අදාළව අධිකරණ කටයුතු සූදානම් කර ඇති බවද සඳහන් කළේය.