දඹුල්ලේ පදිංචි අවිවාහක තරුණියක විසින් ප්‍රසූත කරන ලදුව, ඇගේ නිවස පිටුපස කුණු වළෙහි වැළලූබිළිඳෙකු අද (26දා) කුලියාපිටිය මහේස්ත්‍රාත් බන්දුල ගුණවර්ධන සහ අධිකරණ වෛද්‍ය නිලධාරී වසන්ත සරත් මහතා ඉදිරිපිට පොලීසිය විසින් ගොඩගන්නා ලදී.
ඉරේෂා මධුවන්ති නැමැති (18) තරුණියක විසින් පසුගිය 23 වැනිදා සිය නිවසේදී දරුවෙකු ප්‍රසූත කර ඇති අතර, එම ප්‍රසූතියේදී කැපුම් තලයකින් පෙකෙණි වැල කැපීම නිසා ඇති වූ අධික ලේ වහනය නිසා ඇය කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
අධික ලෙස ලේ වහනය වීම පිළිබඳව සැක සිතී රෝහල් පොලීසිය විසින් මේ පිළිබඳ පරීක්ෂණ කිරීමේදී අදාළ තොරතුරු අනාවරණය වී ඇත.
කෙසේවෙතත් බිළිඳා නිසොල්මනේ සිටීම සහ නොහැඬීම නිසා ඔහු මියගොස් ඇතැයි විශ්වාස කොට කුණු වළෙහි වළ දැමූ බව ඉරේෂා මධුවන්ති පැවසීය.
චාමර විමලරත්න - කුලියාපිටිය