වන අලින් එළවා දැමීම සඳහා භාවිතා කරනු ලැබූ අලි වෙඩිල්ලක් පත්තු වීමෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි සිසුවෙකු ඊයේ (19දා) තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ වැල්ලවාය යෞවන කුමාරපුර ප්‍රදේශයේ පදිංචි, කුමාරපුර විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රුචිර කේසාන් නමැති දරුවෙකි. මෙහිදී දරුවාගේ අතේ ඇඟිලි ප්‍රදේශයට හානි සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
දරුවා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අද දින (20දා) කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යැවීමට කටයුතු කළ බව රෝහලේ වෛද්‍යවරයෙකු පැවසීය.
නිවසේ තිබූ අලි වෙඩිල්ල ගෙන එය පත්තුකිරීමට යාමේදී වෙඩිල්ල අතේ පත්තුවීමෙන් දරුවාගේ අත තුවාල වූ බව දරුවාගේ පියා වන විමලරත්න මහතා කියා සිටියේය.