අලි මිනිස් ගැටුම පවතින ප්‍රදේශවල වන අලින් විනාශ කරන නිවෙස් වෙනුවට නව නිවාස ඉදිකර දෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
අලි ඇතුන් නිතර ගැවසෙන ප්‍රදේශ සහ අලිමංකඩවල් අතහැර ආරක්ෂිත ප්‍ර‘දේශවල ඉදිකෙරෙන මෙම නිවාසවල සුරක්ෂිත අභ්‍යන්තර වී ගබඩා නිර්මාණය කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.
ප්‍රජා සහභාගීත්වයෙන් ඒකාබද්ධ වනජීවී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ අවකාශය පිළිබඳව තිරසාර සංවර්ධන හා වනජීවී කටයුතු අමාත්‍යාංශයේ අද (21දා) පැවැති විශේෂ සාකච්ඡාවකදී හෙතෙම මේ බව කීය.