ජාතික වනෝද්‍යාන තුළින් අලි පැටවුන් පැහැරගෙන වෙනත් පුද්ගලයන්ට ලබාදීමට සහාය දී ඇති රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා පියවර ගන්නා ලෙසත්, අනෙකුත් පුද්ගලයන්ට තරාතිරම නොබලා අධිකරණය හරහා දඬුවම් ලබාදෙන ලෙසත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා අදාළ අංශවෙතින් ඉල්ලීමක් කර තිබේ.
ජාතික වනෝද්‍යාන තුළින් පැහැරගෙන ළඟ තබාගත් අලි පැටවුන් සහ එම අලි පැටවුන් ළඟ තබාගත් පුද්ගලයන් පිළිබඳ වාර්තාවක් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා විසින් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා වෙත බාරදීමෙන් පසුව අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකර තිබේ.
මේසම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සහ ලිපිලේඛන ආශ්රයෙන් මෙම වාර්තාව සකසා ඇති බවත්, මේහරහා විශේෂිත පුද්ගලයන් රැසකගේ නම් සහ ඔවුන් වංචා සිදුකළේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලිව සඳහන්ව ඇතිබවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.