අලි ඇතුන් පැවරීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ. අලි ඇතුන් අයිති කර ගැනීම සඳහා නීති විරෝධි කි‍්‍රයාවන්ට පෙළඹීමේ මෑතකාලීන වාතාවරණය සැළකිල්ලට ගනිමින් රජය මේ කෙරෙහි අවධානය යොමු කර තිබෙනබව සංචාරක හා ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය. රජය සතු සියලුම හීලෑ අලි ඇතුන් රජමහා විහාරවලට හා පරම්පරාගත හීලෑ අලි හිමියන්ට හෝ කිසියම් පුද්ගලයකුට ලබා දීම සඳහා මෙම ජාතික ප්‍රතිපත්තියේ අවධානාය යොමුකිරීමට බලාපොරොත්තුවේ. අලින් සඳහා අවශ්‍ය පෝෂණය, ව්‍යායාම, වෛද්‍ය පහසුකම්, නඩත්තු කිරීමේ හැකියාව වැනි ප්‍රධාන නිර්නායකයන්ට යටත්ව ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සඳහා ඒ සම්බන්ධව ක්‍රමවේදයක් මේ වන විට සකසමින් ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.