කුලියාපිටිය පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක් මගින් සිදුකරන වෛද්‍ය පරීක්ෂණ අනුමත කිරීම සඳහා රුපියල් 75,000 අල්ලසක් ලබාගත්තේ යැයි කියන කුලියාපිටිය රජයේ මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු සහ තාක්ෂණ නිලධාරියෙකු ඊයේ (03දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
අත්අඩංගුවට ගැනුණු විශේෂඥ වෛද්‍යවරයා සහ තාක්ෂණ නිලධාරීවරයා ඊයේ (03දා) සවස කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා වෙත ඉදිරිපත් කරන ලදුව එම සැකකරුවන් එළඹෙන 10 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කෙරිණි.
කුලියාපිටිය - චාමර විමලරත්න