වකුගඩු රෝගීන්ගේ රුධිර පෙරණ ක්‍රියාවලිය සඳහා භාවිත කරනු ලබන ලවණ සාන්ද්‍රණය ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට නිෂ්පාදනය කිරීමට කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) විද්‍යාඥයන් සමත්ව තිබේ.
අද වනවිට වකුගඩු රෝගීන්ට රුධිර පෙරණ ක්‍රියාවලිය දින දෙක තුනකට වරක් සිදුකිරීමට සිදුව තිබෙන අතර, ඒ එක් පෙරණ අවස්ථාවක් සඳහා රු.10,000/- ක් වැනි අධික පිරිවැයක් දැරීමට සිදුවන බවත්, මෙම රුධිර පෙරණ ක්‍රියාවලිය සඳහා භාවිත කරනුයේ ලවණ සාන්ද්‍රණයක් බවත් ITI ආයතනය පවසයි.
ITI ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් ජී.ඒ.එස්. ප්‍රේමකුමාර මහතා පෙන්වා දෙන්නේ, මෙම සාන්ද්‍රණය පේරාදෙණිය වෛද්‍ය පීඨය විසින් සාර්ථක ලෙස අත්හදා බැලීම් සිදුකොට ඇති බවයි. හෙතෙම මෙසේ සඳහන් කර සිටියේ ඊයේ (20දා) උදෑසන කාර්මික තාක්ෂණ ආයතනය විසින් ජලයේ පවතින ෆ්ලෝරයිඩ්, ආසනික් හා කැඩිමියන් පෙරණය කරනු ලබන ජලය පිරිසුදුකරණ උපකරණ බෙදාදීමේ උත්සවයක් අමතමිනි.
ශ්‍රී ලංකාවේ පවතින වකුගඩු රෝගයට පිළියම් සඳහා තව තවත් ක්‍රමවේදයන් අත්හදා බලමින් පවතින බවත් මෙම රුධිර පෙරණය සඳහා අවශ්‍ය වන ලවණ සාන්ද්‍රණය ශ්‍රී ලංකාව තුළම නිෂ්පාදනය කර ඉතා අඩු මුදලකට වකුගඩු රෝගීන් වෙනුවෙන් සෞඛ්‍ය සේවාවන් හරහා මෙම පෙරණ සේවාව ලබාදීමට කටයුතු කළ හැකි බවද ප්‍රේමකුමාර මහතා පෙන්වා දුන්නේය.
අදවන විට වකුගඩු රෝගය රටේ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබෙන අතර උතුරු නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල තිබෙන මෙම ගැටලුවට ප්‍රතිකර්මයක් ලෙස විවිධ වූ ප්‍රතිකර්ම අත්හදා බලමින් තිබෙන බවත් ජාතික පර්යේෂණ සභාව හරහා රු. මිලියන 50 ක පමණ මුදලක් වෙන්කොට වකුගඩු රෝගය සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු සිදුකරමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය ව්‍යාප්ත වීම කෙරෙහි බලපානු ලබන්නේ ජලයද යන්න මෙතෙක් නිශ්චිතවම සඳහන් කළ නොහැකි අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන විද්‍යාඥයන් ඒකරාශී වීමෙන් මේ පිළිබඳව පර්යේෂණ රැසක් ක්‍රියාත්මක කොට තිබේ. මෙහිදී ජලය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙන අතර ජලය මාර්ගයෙන් එන විවිධ රසායනික සංයෝග හරහා මේ තත්ත්වය ඇතිවේ යන විශ්වාසය මත මෙම පර්යේෂණ කටයුතු සිදුවන බවද ප්‍රේමකුමාර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඒ අනුව, ඊයේ බෙදාදුන් ජල පෙරණ උපකරණ කාර්මික තාක්ෂණ ආයතනයේ ද්‍රව්‍ය තාක්ෂණ අංශයේ සැලකිය යුතු කාලයක පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ එළිදක්වා තිබේ. ඒ අනුව ගිය වසරේ 1,000 කට ආසන්න ජල පෙරණ යන්ත්‍ර ප්‍රමාණයක් වයඹ පළාත්සභා බලප්‍රදේශය තුළ ජීවත්වන ජනතාව වෙත බෙදාදීම සිදුකර තිබේ.
දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් ශ්‍රී ලංකාවේදීම නිෂ්පාදනය කරන මෙම ජල පෙරණ 100෴ක්ම ස්වාභාවික වන අතර විශේෂයෙන්ම ෆ්ලෝරයිඩ්, ආසනික් හා කැඩ්මියන් වැනි බැරලෝහ පෙරාගැනීමේ හැකියාව පවතින බවද කියයි. එමෙන්ම මෙම පෙරණ උපකරණ භාවිතයද පහසු වන බව එම ආයතනය පවසයි.
මෙම අවස්ථාවට කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්යක්ෂ ජෙනරාල්වරුන් වන රාධිකා සමරසේකර, ආනන්ද පන්නිල, ප්‍රසන්න කළුආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු විද්වත්හු රැසක් එක්වී සිටියහ.