වාහනයක කුලී වාරික නොගෙවීම සම්බන්ධයෙන් වු ආරඅවුලකදී පුද්ගලයෙකුට තර්ජනය කිරීමකට සම්බන්ධ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කොට සහනයක් සළසා දීම සඳහා රුපියල් 10,000/-ක අල්ලසක් විත්තිකාර තී්රකුණාමලය පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා විසින් ඉල්ලූවේද, නැත්නම් අල්ලස් මුදල බලහත්කාරයෙන් විත්තිකරුගේ සාක්කුවට දැම්මේද? යන්න පිළිබඳ බලවත් සැකයක් මතුවන බව සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා තී්රකුණාමලය පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කෙට තිබු සියළුම අල්ලස් චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.
මෙම නඩුව සම්බනධයෙන් විත්තිකරුට එරෙහිව නඟා ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අල්ලස් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මොහාන් සෙල්ලප්පෙරුම මහතාගේ හරස් ප්රශ්න හමුවේ පැමිණිලිකරුගේ සාක්කිය ඔහුගේම සාක්කි මඟින් පරස්පර වී ඇතැයි තීරණය කරමින් විත්තිකරුට එරෙහි සියළු චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීන්දු කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ බුලත්කොහුපිටිය දේදුගල පාරේ පදිංචි තී්රකුණාමලය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වෛදු මොහොමදු අන්වර් මහතාය.
2013 ජුලි මස 05 වැනිදාත්, 2013 ජුලි මස 15 වැනිදාත් හෝ ඊට ආසන්න දිනවල තී්රකුණාමලයේදී වරදකරුවන් සොයා ගැනීම සඳහා සහ ඔවුන්ට එරෙහිව නඩු පැවරීම සඳහා තී්රකුණාමලය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවයේ යොදවා සිටියදී වාහනයක කුලී වාරික නොගෙවීම සම්බන්ධයෙන් වු ආරඅවුලකට සම්බන්ධ පාක්යරාසා විනෝදන් නමැත්තා අධිකරණයට ඉදිරිපත් කොට සහනයක් සළසා දීම සඳහා රුපියල් 10,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගන්නා ලදැයි විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා හතරක් යටතේ නඩු පවරා තිබිණි.