අල් ෂබාබ් නායකයා ඉලක්ක කර ඇමෙරිකාවෙන් සෝමාලියාවට ප්‍රහාරයක්
අල් ෂබාබ් ඉස්ලාමීය අන්තවාදීන් සංවිධානයේ නායකයා ඉලක්ක කරමින්, සෝමාලියාවේ ඉලක්කගත ස්ථානයක් වෙත ඇමෙරිකාව ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු නුවරට කිලෝමීටර් 240ක් දකුණුදිගින් වූ ප්‍රදේශයක් වෙත මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති අතර, ප්‍රහාරයෙන් අල් ෂබාබ් නායක අහ්මෙඩ් අබ්ඩි ගොඩානේ වෙත හානියක් සිදුවූයේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
ප්‍රදේශයේ ඇසින් දුටු සාක්ෂිකරුවෙක් පවසා ඇත්තේ ගුවන් ප්‍රහාරයෙන් පසු සටන්කාමීන්ට අයත් වාහන හතරක් ගිනිගෙන දැවුණු ආකාරය දුටු බවයි.
මේ අතර, ප්‍රහාරය සම්බන්ධ වැඩිදුරට තොරතුරු ඉදිරියේදී ලබාදීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව පවසා ඇති බව බී.බී.සී.ය කියයි.
අල්-කයිඩා සංවිධානය හා සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායමක් ලෙස සැලකෙන අල් ෂබාබ් ත්රස්තයන් සෝමාලියාවේ දකුණුදිග හා මධ්‍යම ප්‍රදේශ රැසක බලය පතුරුවමින් සිටියි.
මේ අතර, අල් ෂබාබ් මෙන්ම නයිජීරියාවේ ක්‍රියාත්මක බොකෝ හරාම් වැනි ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත සංවිධානවලින් අප්‍රිකානු කලාපයට එල්ල වන තර්ජනයන් පිළිබඳ සාකච්ඡා කිරීමට සඳහා කලාපයේ රටවල නායකයන් කෙන්යාවේදී විශේෂ සමුළුවක් පැවැත්වීමට නියමිතය.
මේ අතර, අල් ෂබාබ් සංවිධානයද සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අදහස් දක්වා නොමැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

