පළාත් පාලන මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ හා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයන් අතර ඇතිව තිබෙන අස්ථාවර තත්තවය අනුව ශ්රී ලංකා ආර්ථිකයද අස්ථාවර වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ අනුව කොටස් වෙළඳපොළ පහළ යෑම මෙන්ම රුපියලද අස්ථාවර වී ඇතැයි මන්ත්රීවරයා පෙන්වා දෙයි.