මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සේවා දිගුවට විරෝධය පළ කරමින් මේ මස 24 සිට 30 වැනිදා දක්වා අඛණ්ඩ උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහතාට චෝදනා රාශියක් එල්ලවී ඇති බැවින් ඔහුගේ සේවා දිගුව ලබා නොදිය යුතු බවයි.
ආර්ථිකයේ ප්‍රශ්න රාශියක් ඇතිවී තිබෙන බවත්, ඒ සඳහා ආණ්ඩුවට විසඳුම් නැති බවද, ඔහු පවසා සිටියේය.