පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයේ ඇපල් ගිණුමට ඇතුළුවීම හා එහි දත්ත වෙනස් කිරීම තහනම් කරමින් බැඳුම්කර කොමිසම අද (03දා) නියෝගයක් නිකුත් කළේය.
අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකථනයේ ඇපල් ගිණුමට ඇතුළුවීම හා එහි දත්ත වෙනස් කිරීම තහනම් කරන්නැයි කොමිසමේ කටයුතුවලට සහාය වන අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ කොමිසම, අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකථනයේ දත්ත මකා දැමීම සඳහා එහි ඇපල් ගිණුමට ඇතුළුවීමට උත්සාහ කරන අය දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකරන බවද දැනුම් දුන්නේය.
බුද්ධිමාල් රුබේරු සහ රන්ජන් කටුගම්පොළ