අර්ජුන් ඇලෝසියස් මහතා භාවිත කළ ජංගම දුරකථනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය(Password) ලබා දුන්නා නම්, මෙම කතාව එතැනින් අවසන් බව දැනුම් දුන් කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා එම තොරතුරු ලබා නොදෙන්නේ ඇයිදැය අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන්ගෙන් විමසීය.
කොමිසමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී අධිකරණය ඇමතූ අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අර්ජුන් ඇලෝසියස් මහතා භාවිත කළ ජංගම දුරකථනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය(Password) සම්බන්ධව කොමිසමට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කළේය.
ඒ අවස්ථාවේදී කොමිසම ඇමතූ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා -‘ඇපල් ගිණුමේ මුරපදය(Password) ලබා දුන්නා නම් මෙම කතාව එතැනින් අවසන් නේද? ඇයි මේ තොරතුරු නොදෙන්නේ?
ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කොමිසම අමතමින් - මෙම තොරතුරු ලබාදීමට මගේ සේවාදායකයා සෑම උත්සාහයක්ම ගන්නවා. මේ සියලු තොරතුරු තියෙන්නෙ සිංගප්පූරුවේ යැයි පැවසීය.
තම සේවාදායකයා ඇපල් ආයතනයට ගොස් ඇපල් ගිණුමේ මුරපදය (Password) සොයා ගැනීමට උත්සාහ කරන බවත්, මෙම තොරතුරු සොයා ගත් වහාම ඒවා කොමිසමට ඉදිරිපත් කරන බවත් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා දැනුම් දුන්නේය.