ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ආරවින්ද ද සිල්වා මහතාගේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක සේප්පුවක තිබූ රුපියල් ලක්ෂ 40කට අධික දේශීය හා විදේශීය මුදල් තොගයක් සොරාගැනීමේ සිදුවීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔක්තෝබර් මස 21 වැනිදා කොල්ලුපිටිය පොලීසියට අරවින්ද ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය විසින් විමර්ශන ආරම්භ කරන ලද අතර, උත්සව සමය නිමිත්තෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ විශේෂ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් විසින් විදේශ මුදල් අතැතිව සිටි සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු අරවින්ද ද සිල්වා මහතාගේ නිවස බිඳ මුදල් සොරාගැනිම සම්බන්ධව පපොච්චාරණය කර ඇත.
සැකකරු සන්තකයේ තිබි මුදල් රුපියල් දසලක්ෂයකට (1,000,000) අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ඔහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කොළඹ 07, හැටේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලීසිය කියයි.