බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව අරලියගහ මන්දිරයේ සංවිධානය කෙරෙන මහා බත් දන්සැල අද (15දා) ජනාධිපතිවරයා අතින් විවෘත විය.
වෙසක් සිරි නරඹන්නට කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් සංවිධානය කෙරෙන මෙම බත් මේ වසරේ සංවිධානය වන්නේ සිව්වැනි වතාවටය.
අද (15දා) ආරම්භ කෙරුණු දන්සැල 19 වැනිදා දක්වා සෑම දිනකම රාත්රී 7.00 ට ආරම්භ කෙරෙන බව පැවසෙයි.
දන්සැල වෙත පැමිණි ජනතාවට ආහාර පිළිගැන්වීමට ජනාධිපතිවරයා අතින් සිදුවිය.