අරලියගහ මන්දිරයෙන් පුවත්පත් සඳහා සිරස්තලය ලබාදුන් යුගය අවසන් කර මාධ්‍යවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවර ගත් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. තම ප්‍රතිරූපය ගොඩනංවා ගැනීම සඳහා කිසිදූ මාධ්‍ය ආයතනයකට දුරකත ඇමතුම් ලබානොදුන් බවත් ඉදිරියේද එවැන්නක් සිදු නොකරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 49 වැනි සංවත්සරයට එක්වෙමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය. එසේම මාධ්‍ය ආයතනයට ලබාගත හැකි ඉහළම විශිෂ්ඨත්වය වන්නේ අපක්ෂපාතීභාවය හා ස්වාධීනත්වය බවද ජනපතිවරයා සඳහන් කළේය.