අරණායක සාමසර කන්ද නාය යෑම නිසා අද (23දා) සවස 4.00 පමණ වනවිට මළ සිරුරු 25 ක් සොයා ගෙන තිබෙන බවත්, මීට අමතරව ශරීර කොටස් 18 ක් සොයා ගෙන තිබෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.
අද දිනය තුළ ශරීර කොටස් 03 ක් සොයාගෙන තිබෙන බවත්, මියගිය වයස අවුරුදු 12 ක පමණ වයසැති දරුවෙකුගේ මළ සිරුරක්ද සොයාගත් බවත්, සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.