අරණායක සාමසර කන්දනායයෑම නිසා අතුරුදන්ව සිටින පිරිස් සෙවීමේ කටයුතු නවතා දැමීමට තීරණය කර තිබේ.
මෙහෙයුම් නවතා දමා පොදුවේ සියලුම දෙනා සිහිකර ආගමික වතාවත් සිදු කිරීමට සැලසුම් කර ඇත.
සාමසර කන්ද නායයෑම නිසා 116 දෙනෙකුට අධික පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බවට වාර්තා වන අතර,හමුදා මෙහෙයුම්වලදී මළසිරුරු 27 ක් හා ශරීර කොටස් 21 ක් සොයාගනු ලැබිණි.