අරණායක - මාවනැල්ල ප්රධාන මාර්ගයේ පොල් අඹේගොඩ ප්රදේශයේදී අද (24දා) පෞද්ගලික මගී බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් රියදුරු දෙදෙනා හා මගීන් 15 වැඩි පිරිසක තුවාල ලබා දිප්පිටිය අරණායක දිසා රෝහලේ සහ මාවනැල්ල මූලික රෝහලේ ප්රතිකාර ලබන බව පොලීසිය පවසයි.
මෙම අනතුර හේතුවෙන් එළගපිටිය සාමසර කන්ද නායයෑමෙන් විපතට පත් ජනතාවගේ සහන කටයුතු සැලස්වීමෙහි කාර්යයෙහි නියුතු නිලධාරීන්ගේ වාහන ධාවනයටද බාධා ඇතිව තිබෙන බව පොලීසිය දන්වා සිටියි.
මෙම ප්රදේශයේ වාහන ගමනාගමනයේදී විමසිලිමත්ව ධාවනය කරන ලෙස පොලීසිය රථවාහන රියදුරන්ගෙන් මෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සමන් විජය බණ්ඩාර