ස්විට්සර්ලන්තයේ ප්‍රථම වරට පැවැති අයිස් ක්‍රිකට් තරගයේ ජය වාර්තා කිරීමට සහීඩ් අෆ්රිඩී නායකත්වය දරණ රෝයල්ස් කණ්ඩායම සමත්විය.
ඒ ශ්‍රී ලංකාවේ මහේල් ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන් හා ලසිත් මාලිංග ක්‍රීඩා කරන ඉන්දියාවේ විරේන්ද්‍ර ශෙවාග් නායකත්වය දරණ ඩයමන්ඩ්ස් කණ්ඩායම කඩුල් හයකින් පරාජය කරමිනි.
සෙල්සියස් අංශක සෘණාත්මක උෂ්ණත්වයක් යටතේ පැවැති මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඩයමන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 164ක් වාර්තා කළේ කඩුලු 9ක් වැයකරමිනි.
නායක විරේන්ද්‍ර ශෙවාග් ලකුණු 6ක් හා ඇන්ඩෘ සයිමන්ඩ්ස් ලකුණු 40ක් රැස්කළේය. ඩිල්ෂාන් (08), මහේල (07) මාලිංග (01*) ලෙස ලකුණු රැස්කළහ. පන්දු යැවීමෙන් ඩයමන්ඩ්ස් වෙනුවෙන් අබ්දුල් රසාක් කඩුලු 4ක් දවාගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩයමන්ඩ්ස් කණ්ඩායම පන්දුවා 15.2 කදී කඩුලු 4ට ලකුණු 166ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය. ඔවායිස් ෂා 74*, ජැකි කාලිස් 36 හා ග්‍රාන්ට් එළියට් 21* ලෙස ලකුණු රැස්කළහ. පන්දු යැවීමෙන් රෝයල්ස් වෙනුවෙන් ආර්. පවර් කඩුලු 2ක් දවාගත්තේය. මාලිංග පන්දු 3ක් යවමින් ප්‍රතිවාදීන්ට ලකුණු 39ක් දුන්නත් එකඳු කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකිවිය.