අයි.එස්. ත්රස්තවාදීන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බුද්ධි අංශ හා ආරක්ෂක හමුදා පැය 24 පුරා දැඩි අවධානයෙන් සිටින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.
බ්‍රසල්ස් ගුවන් තොටුපොළට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඇතිව තිබෙන තත්ත්වය හේතුවෙන් අයි.එස්. ත්රස්තවාදීන්ගෙන් මෙරට ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොමැති බව ද ඔහු අවධාරණය කළේ ය.
මේ අතර බ්‍රසල්ස් ගුවන් ප්‍රහාරයෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂාව මේ වන විට තර කර තිබෙන බව ගුවන් හමුදාව පැවසීය.