බස්නාහිර පළාතේ මහනගර ප්‍රදේශයන් හි අයාලේ යන ගවයින් දෙසැම්බර් 15 ට පෙර ඉවත් කර නොගත හොත් නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවත් නගර විධිමත් කරණය යටතේ අයාලේ යන ගවයින් අල්ලා ඇඹිලිපිටිය ගව අනාථාගාරයට රැගෙන යන බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කියයි.
මහනගර අඥා පනතට අනුව ගවයින් නිසි පරිදි ගාල්කර බලපත්‍රයක් ලබාගත යුතු බවත් ගවයින් නිදැල්ලේ හැසිරීම, මහමග ලැග සිටීම, ජනතාවට, ව්‍යාපාරිකයන්ට පීඩාවක් බවත් එය මාර්ග තදබදයටද හේතුවක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම ගව හිමියන්ට තම ගවයින් පාලනය කළ නොහැකි නම් සිය අමාත්‍යාංශය වෙත ලබාදෙන ලෙසත් අයිතිකරුවන් හිතාමතා සුසාන භූමි උද්‍යානවලට ගවයින් ඇතුල් කිරීමට පුරුදු වී සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.