පීඩා විඳි ජනතාවට නාවික හමුදාවේ සහාය
මේ දිනවල දිවයිනට බළපා ඇති අහයපත් කාළගුණික තත්වය හේතුවෙන් පුදේශ රැසක් ගංවතුර හා නාය යෑමේ අවධානයට ලක් වී ඇත. ඒ අනුව නාවික හමුදාව විසින් එම ජනතාවගේ ජීවිත ගලවා ගැනීම සහ ඔවුන් වෙනුවෙන් සහණ සැළසීම සඳහාහදිසි අවස්ථා කණ්ඩායම් 31 ක් විවිධ ප්රදේශ වෙත යවා ඇත. එම කණ්ඩායම් තල්දූව, ගම්පහ, නවගමුව, කැළණිමුල්ල, මල්වාන, රුවන්වැල්ල, කඩුවෙල, රනාල, වැල්ලම්පිටිය, දොම්පේ, ඕවිටිගම, තරාලේ, රාජාංගනය, මන්දගල් ආරු, පූනරින්, එප්පාවල, නිකවැරටිය, ගිරිබාව, නීලබැම්ම, රස්නායකපුර සහ තබ්බෝව යන අවදානම් කළාපයන් හි යොදවා ඇත.
මේ වන විට නාවික හමුදාව විසින් සිවිල් වැසියන් 633 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමටද, 188 දෙනෙකු ආරක්ෂිත ස්ථානයන් වෙත ප්රවාහනය කිරීමට ද සමත්වූ අතර, ගංවතුර හේතුවෙන්, මාම්පූරි සහ වාරියපොල යන ප්රදේශයන්හිදී මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට ද සමත් විය. එමෙන්ම ඕනෑම හදිසි අවස්ථාවකදී යෙදවීම සඳහා සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි තවත් හදිසි අවස්ථා කණ්ඩායම් 41 ක් මේ වන විටත් නාවික විධානයන්හි සූදානමින් තබා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

