නියඟය නිසා 18,81410ක් පීඩාවට
පසුගිය දිනවල ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා නායයාම්, දැඩි සුළං තත්ත්වයන් සහ වෙරළ ඛාදනය වීම නිසා පවුල් 505 කට අයත් පුද්ගලයන් 1829 දෙනෙකු පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මීට අමතරව දිස්ත්‍රික්ක 15කට බලපෑ ඇති නියං තත්ත්වය නිසා පවුල් 54,2350 කට අයත් පුද්ගලයන් 18,81410 දෙනෙකු පීඩාවට පත්ව තිබෙන බවද එම වාර්තාවෙන් පෙන්වාදී තිබේ.
ඇති වූ වැසි තත්ත්වය නිසා ගාල්ලේ දිස්ත්‍රිකකයේ අක්මීමන හා කඩවත් සතර ප්‍ර‘දේශයේ පවුල් 32 කට අයත් 1304 කට අධික පිරිසක් පීඩාවට පත්ව තිබෙන අතර ගිනි ගැනීම් හා දැඩි සුළං තත්ත්වය නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 07කට අසන් පුද්ගලයන් 25 දෙනෙකුත් පීඩාවට පත්ව ඇත.
අධික සුළං තත්ත්වය නිසා සහ වෙරළ ඛාදනය නිසා නිවාස 103ක් විනාශ වී තිබෙන අතර මොනරාගල සහ ත්‍රිකුණාමලය ප්‍ර‘දේශයට ඇතිවූ දැඩි සුළං තත්ත්වය නිසා පවුල් 76ක් පීඩාවට පත්ව තිබේ.
මේ අනුව නියං තත්ත්වය සහ දැඩි සුළං වෙරළ ඛාදනය වීමෙන් හා ජල ගැලීමෙන් පළාත් 08කට අයත් දිස්ත්‍රික්ක 17ක පවුල් 542855 කට අයත් පුද්ගලයන් 1883239 දෙනෙකු පීඩාවට පත්ව ඇත.