දිස්ත්‍රික්ක හතරකට ඇතිව තිබෙන වර්ෂා තත්ත්වය සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් පවුල් 165කට අයත් පුද්ගලයන් 801 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මහනුවර, නුවරඑළිය, බදුල්ලහා මාතලේ දිස්ත්‍රික්කවලට ඇතිව තිබෙන මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පවුල් 108කට අයත් පුද්ගලයෝ 528 දෙනෙක් ආරක්ෂිත කඳවුරු 03ක රඳවා සිටිති. නිවාස 83කට හානි සිදුව තිබේ.