"හිටපු ජනපතිවරයාට නම් මේ අයවැය මෙලෝ රහක් නැති බව පේනවා. මොකද එතුමා රහ ගැන හොඳට දන්න කෙනෙක්. පසුගිය අවුරුදු දහය තුලම එයාලා අයවැයෙන් විතරක් නෙවෙයි අයවැයෙන් පිටත් ඒ ගොල්ලන්ගේ වැඩ කරගත්තා. ඒ නිසා ඒවායේ රහ දන්න නිසා මේ සැරේ රාජපක්ෂලාට මේ අයවැය රහ නැතිව ඇති. හැබැයි රටේ ජනාතාවට ඉදිරියේදී රහ දැනේවි" යැයි ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.
වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව කීවේය. තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "විමල් වීරවංශ කියල තියෙනවා වගේ ආණ්ඩුවට නම් මිරිස් කන්න අසනීපයක් නැහැ. නමුත් තව ටික දවසකින් විමල් වීරවංශට නම් මිරිස් කන්න නෙවෙයි වහ කුප්පියක් තමයි බොන්න වෙන්නේ" යනුවෙනි.