මෙවර අයවැයෙන් ඉතාමත්ම අසාධාරණ ලෙස බදු වැඩි කිරීමක් සිදුකර ඇති බවත්, මේ තත්ත්වය තුළ සෑම වාහනයකම පාහේ මිල ඉහළ යනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව, වෑන් රථයක් ලක්ෂ 25/- කින් පමණද, හයිබ්‍රිඩ් 1,000cc වලට වඩා අඩු එන්ජින් ධාරිතාවේ කාරයක් ලක්ෂ 4.5කින් පමණද, සාමාන්‍ය හොන්ඩා ෆිට්, ටොයෝටා ඇක්වා වැනි කාරයක් ලක්ෂ 6 - 7 ත් අතර ප්‍රමාණයකින්ද, ප්‍රියස් රථයක් ලක්ෂ 10කින් පමණද ඉහළ යනු ඇත.
මීට අමතරව, විද්‍යුත් කාරයක් ලක්ෂ 25කින් පමණද මිල ඉහළ යනු ඇති අතර, සාමාන්‍ය මරුටි කාරයක් පවා ලක්ෂ 2 - 3ත් අතර ප්‍රමාණයකින් මිල ඉහළ යනු ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.