මෙවර අයවැය කාරක සභා අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ සංශෝධන දහසයක් සඳහා එකඟතාවය පළ වී ඇතැයි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අද (18) සවස පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ ය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, මුදල් ඇමැති රවි කරුණානායක යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු අතර පාර්ලිමේන්තු සංකිර්ණයේදි අද (18) පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා පැවසී ය. ඒ අනුව සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල ඒකාබද්ධ නොකරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි පොරොන්දුවක් ලබා දුන් බවත් වාහනයක් මිලදී ගැනිම සදහා දැනට ණයවර ලිපි විවෘත කර ඇති වාහන පෙර මිලටම වාහන මිලදී ගත හැකි බවත් ඉලෙක්ට්‍රික් මෝටර් වාහන සම්බන්ධයෙන් ජනවාරි මාසයේදී යම් තීරණයක් ගැනිමටද එකඟතාව පළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශකළේය. රජයේ ගිණුම් පෞද්ගලික අංශයේ බැංකුවලට ලබාදීම වෙනුවෙන් ගෙනතිබූ තීරණය කිසිසේත් කිසිසේත් ක්‍රියාත්මක නොකිරීමට ද එකඟතාව පළවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු ප්‍රකාශ කළහ. වී වලට ලබාදුන් පොහොර සහනාධාරය තේ පොල් රබර් සඳහා ලබාදීමටත් එළවළු පළතුරු ඇතුළු අතිරේක භෝග සඳහා මේ සහනාධාරය ලබාදීම, වාහන දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 1,500 ලෙස සංශෝධනය කිරීම, දිවිනැඟුම අරමුදල හෙවත් සමෘද්ධි අරමුදල ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අනුබද්ධ කිරීමට ගෙනතිබූ තීරණය නතර කිරීම, බැංකුවලින් තම මුදල් ලබාගැනීමේදී යම් මුදල් ප්‍රමාණයක් කපා හැරීම නතර කිරීම, පොල් ආනයනය නවතා දැමීම, ලීසිං පහසුකම බැංකුවලින් ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය නවතා දැමීම ඇතුළු සංශෝධන දහසයක් සඳහා මෙලෙස එකඟතාව පළව ඇත.
මෛත්‍රිපාල සිරිසේන මතිතුමාගෙන් ඉල්ලීම් රාශියක් කළා අයවැය යෝජනා සම්බන්ධයෙන්. ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත අග්‍රාමාත්‍යතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත්රීවරු හමුවුණා.මතුකළ යෝජනා සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා. වී සහ තේ රබර් සහ පොල් වලට පොහොර සහනාධාරය ලබාදීමට අගමැතිවරයා තීන්දු කළා. එළවළු හා පළතුරු අතිරේක භෝගවලට පොහොර සහනාධරය ලබදීමට එකඟ වුණා යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.