අයවැය2016( විසර්ජන පනත් කෙටුම්පත ) දෙවැනිවර කියවීමේ විවාදය අද (21) පාර්ලිමේන්තුවේ දී ආරම්භ වීමට නියමිතය. සම්ප්‍රදායානුකූලව අයවැය විවාදය ආරම්භකරන්නේ විපක්ෂයෙනි.
ඒ අනුව දෙවැනිවර කියවීමේ විවාදය අද සිට දින 9ක් වෙන් කර තිබේ.දෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්දය විමසීම දෙසැම්බර් 02 දින ප.ව. 5.00ට පැවැත්වීමට නියමිතය. ඉන්පසු අයවැය කාරක සභා අවස්ථාවේ විවාද ආරම්භවන අතර එය දින 15 පුරාවට පැවැත්වේ. අයවැය තුන්වනවර කියැවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 19 දා සිදුකෙරේ. ජාතික ආණ්ඩුවේ මංගල අයවැය ඊයේ (20) මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් රට හමුවේ ඉදිරිපත් කළේ ය.