මෙවර අයවැය යෝජනාවලිය පරාජය කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමතිවරුන් සමග සාකච්ඡා ආරම්භ කළ බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන මන්ත්රී කණ්ඩායම අයවැයට එරෙහිව ඡන්ද ප්රකාශ කිරීමට තීරණය කර තිබෙන බවත්, වත්මන් රජයේ ඇමතිධුර හොබවන එ.ජ.නි.ස මන්ත්රීවරුන්ගේ සහායද ලබාගතහොත් අයවැය පරාජය කළ හැකි බව මන්ත්රීවරයා සඳහන් කළේය.
ඒ අනුව වත්මන් රජයේ සිටින ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග ඒ සම්බන්ධව සාකච්ඡා කළ බවත් ඉදිරි දින කිහිපයේදී ඉතිරි පිරිස සමග සාකච්ඡා කරන බවත් රණතුංග මහතා ප්රකාශ කළේය. දැනට සාකච්ඡා කළ ඇමතිවරුන්ගෙන් යහපත් ප්රතිචාරයක් ලැබී ඇතැයිද ඒ මහතා පැවසීය.