ජනතාවට සහන නොලැබුණු එහෙත් ජාවාරම්කරුවන්ට සහන ලැබුණු අයවැය පරාජය කිරීමට ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
හෙතෙම මේ බව පැවසුවේ අයවැය කාටද? කා සඳහාද? යනුවෙන් ඊයේ (15දා) පැවැති සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි.
දෙමහුන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් රට තුළ විරෝධතා පැන නැගී තිබෙන බවත්, එම විරෝධතා අරගලයක් බවට පත්කර ජනතාව බලාපොරොත්තු වන සහන ලබාදීම සඳහා නායකත්වය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බවත් ඒ මහතා එහිදී පැවසීය.
ජනතා විරෝධතා හමුවේ මුදල් අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අයවැය යෝජනා කිහිපයක් සංශෝධනය කරන බවට ප්‍රකාශ නිකුත් කළද සැබෑ ලෙසම ඒවා ක්‍රියාත්මක වීමට නම් 19 වැනි දින පැවැත්වෙන අයවැය කාරක සභා රැස්වීමේදී අදාළ සංශෝධන සිදුකිරීමට සංශෝධන ඉදිරිපත් කළ යුතු බව පක්ෂ නායකවරයා සඳහන් කළේය.
එසේ නොමැතිව ප්‍රකාශ සිදුකළ පමණින් ලබාදෙන බව සඳහන් කළ සහන වැඩ කරන ජනතාවට නොලැබෙන බවද දිසානායක මහතා පවසා සිටියේය.