අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද
විසර්ජන පනත් කෙටුම්පත (2015) විවාදයේ 7 වැනි දිනය වන අද (01දා) පස්වරුවේ අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
ඔක්තෝබර් 24 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදය 25 වැනිදා ආරම්භ විය.
දින 7ක් පෙරවරුවේ සිට පස්වරුව දක්වාම දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වුණ අතර අද පස්වරු 5.00ට දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේ විවාදය 03 වැනිදා ආරම්භ වන අතර, කාරක සභා අවස්ථා විවාදයේදී එක් එක් අමාත්යංශ වැය ශීර්ෂයන් පිළිබඳ ව විවාදය පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් දින 17ක් වෙන්කර තිබේ.
2015 වසර සඳහා වන ආණ්ඩුවේ විසර්ජන පනත් කෙටුම්පත 3 වැනිවර කියැවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 24 වැනි බදාදා පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

