මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එක් අයවැයකුත් , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවත් අයවැයකුත් ඉදිරිපත් කර ඇති හෙයින් කුමන අයවැයද පිළිගන්නේ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (15 දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
එහිදී නැගී සිටි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ මේ වන විට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන්නේ අයවැය කාරක සභා විවාදය හෙයින් අගමැතිවරයා ඉදිරිපත් කළේ සංශෝධණ කිහිපයක් බවයි.