මෙවර (2016) අයවැය තෙවැනි වර කියවිමේ ඡන්ද විමසීම අද(19) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතය. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ 15 වන දිනය වන අද(19) දිනයේ විශේෂ කාරක සභා විවාදයද පැවැත්වේන අතර තුර ඉන්පසුව ඡන්ද විමසීම ආරම්භකෙරේ. මේයටතේ අමාත්‍යංශ කිහිපයත් එකවර සාකච්ඡාකෙරේ. ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත්තේ පස්වරු 05.00 ට පමණය. සංශෝධන ඉදිරිපත්කිරීම හේතුවෙන් ඇතිවු අයවැය හිඟය පියවිම සඳහා වන නව යෝජනා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් අද දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්ථාවේ . එමෙන්ම අද දිනයේ අයවැය කාරක සභා විවාදය ආරම්භකරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුයේ අයවැය ට අදාළ සංශෝන ආර්ථික කමිටුව මගින් ජනවාරී මාසයේ සිදුකර බවය.