එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ 10 වැනි අයවැය හා ශ්‍රී ලංකාවේ 69 වැනි අයවැයඅද (24දා) ඉදිරිපත් කරයි.ඒ අනුව, 2015 වසරට අදාළ අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.
මෙවර, අයවැය දෙවැනි වර කියවීමේ විවාදය මේ මස 25 වැනිදා ආරම්භ වන අතර, එය නොවැම්බර් 01 වැනිදා දක්වා දින 7ක් පැවැත්වීමට නියමිතය. දෙවැනි වර කියැවීමේ ඡන්දවිමසීම එදින පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති අතර, සෙනසුරාදා දින 04ක්ද අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 03 වැනිදා ආරම්භ කරනු ඇති අතර, එම විවාදය නොවැම්බර් 24 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය. අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 24 දින පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය.
2015 වසර වෙනුවෙන් රජයේ ආදායම් සහ වියදම් ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය 26 වැනිදා අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.