අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්අඹුසැමි යුවළකගේ සිරුරු තන්තිරිමලය පොලිස් වසමේ වීරවිල වැව් ඉස්මත්තේදී සොයාගැනීමට තන්තිරිමලය පොලීසියට අද (26දා) හැකි වී තිබේ.
ගවයන් බැඳීම සඳහා ගිය පුද්ගලයෙකුට මෙම සිරුරු අද උදෑසන හමුව තිබේ. තන්තිරිමලය රුවන්පුර ප්‍රදේශයේ පදිංචි සුනිල් ප්‍රේමදාස (42) සහ පතිරණලාගේ ස්වර්ණලතා (38) යන අය මෙසේ මියගොස් තිබේ.