අමෙරිකානු නාවික හමුදාවට අයත් බ්ලු රිච් නැමැති නෞකාව පස්දින සංචාරයක් සඳහා අද(26) දිනයේ කොළඹ වරායට පැමිණියේය.
ශ්රී ලංකාව සහ අමෙරිකාව අතර සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් අදාළ නෞකාව දිවයිනට පැමිණි බවත් ඔවුන් නාවික හමුදාපති ඇතුළු මෙරට නාවික පුදානීන් හමුවු බවත් නාවික හමුදාව සඳහන් කළේය.
2011 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව අමෙරිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙය වේ.
බ්ලු රිච් නෞකාවේ අමෙරිකානු නාවිකයින් 900දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ද මේ සමග පැමිණ තිබේ.