එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නිත්‍ය නියෝජිතවරිය වන සැමැන්තා පවර් මහත්මිය මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියාය.
එහිදී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් දිවයිනට පැමිණි සැමැන්තා පවර් මහත්මිය පිළිගත්තේය.
අමෙරිකානු නිත්‍ය නියෝජිතවරියගේ මෙම සංචාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි විදේශ අමාත්‍යංශය සඳහන් කළේ.