වත්මන් ආණ්ඩුව වරදක් කර ඇත්නම් ඊට දඬුවම් ලබාදිමට ජනපති හා අගමැති සූදානම් බව ඛනිජ තෙල් සම්පත් ස්වර්ධන අමාත්‍ය අර්ජන රණතුංග මහතා පවසයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවේ සේවක හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“මං එක වෙලාකට හිතනවා මොන කෙහෙල්මලකටද මේ ජනාධිපති වෙන්නේ. මොන කෙහෙල්මලකටද මේ අගමැති වෙන්නේ. මං මේ අමාත්‍යාංශයක් අරගෙන මට තියෙන හිසරදය කොච්චරද ? නමුත් අපේ මේ නායකයින් දෙදෙනා ප්‍රධාන පක්ෂ දෙක එකතු කරගෙන තුන්වැනි ප්‍රධාන පක්ෂයත් එකතු කරගෙන, විශේෂයෙන්ම උතුරේ පක්ෂද දකුණේ පක්ෂද කියන්නේ නැතුව සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියන්නේ නැතුව සියලුම පක්ෂ එකතු කරගෙන අද මේ රට වෙනස් තත්වයකට ගෙනහිල්ල තියනවා.
අඩුපාඩු තියනවා. මමත් සමහර වෙලාවට කලකිරිලා ඉන්නවා හොරු අල්ලලා නෑ කියලා. ඒක මට තියන ලොකුම ප්‍රශ්නයක්. නමුත් අපේ ආණ්ඩුවේ වුණත් වැරැද්දක් කළානම් ඊට දඩුවම් දෙන්න අපේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි අද තීරණ අරගෙන තියනවා.”