ඉදිරියේදී අමාත්‍යාංශ කිහිපයකම වෙනස් කම් කරන බවත් 2015දී දුන් පොරොන්දු ඉටු නොකිරීම පරාජයට බලපෑ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අරලිය ගහ මන්දිරියේදි මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හමුවෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන බවත් එය වෙනස් කිරීම පාර්ලිමේන්තුව තුළදී බලාගත හැකි වෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
ආර්ථිකය පිළිබඳව මෙන්ම ජීවන වියදම පිළිබඳව සිතා බැලිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
මැතිවරණයේ පරාජයට බැඳුම්කර සිදුවීමට වඩා සොරුන් අත්අඩංගුවට නොගැනීම බලපෑ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.