නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාද ඇතුළත්ව අමාත්‍යාංශ 06 ක් සඳහා නව ලේකම්වරු පත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් ජගත් පී. විජේවීර මහතා.
අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම් එම්. අධිකාරි මහත්මිය.
නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ නව ලේකම් ඩී.ජී.එම්.වී. හපුආරච්චි මහතා.
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් පද්මසිරි ජයමාන්න මහතා.
විශේෂ කාර්යභාර අමාත්‍යාංශයේ නව ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා.
තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල මහතා.