පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛණය සකස් කිරීමේ දී අමාත්‍යවරාගෙන් කිසිදු බලපෑමක් ඇති නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට දින (31) ක්රීයාත්මක කිරීමට යෝජිත වැඩවර්ජනය පිළිබඳව කරුණූ දැක්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද දින (30) පැවැති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ ය.
මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මෙසේ පැවසීය -
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේ දී කරුණූ කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරනවා. සේවා අවශ්‍යතාවය, වාර්ෂික ස්ථානමාරු,උතුරු නැගෙනහිර සේවය ,වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම්,ඇතුළු තවත් කරුණූ රැසක් ඊට ඇතුළත්.
2016 වසරේ ස්ථාන මාරුවීම් සහ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේ දී ප්‍රාදේශිය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලැබුන ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු ඇත. ඉල්ලීම් 3578 ක් ලැබුන අතර, වෛද්‍යවරුන් 1065 කට ස්ථාන මාරුවීම ලබාදීමට තීන්දු කළා.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග ද සාකච්ඡාවක් පවත්වා මාර්තු මස 24 දින සිට අපේ‍්‍රල් මස 12 දින දක්වා අදාල ලේඛණය සකස් කළා. එය අපේ‍්‍රල් මස 18 දා සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබි අඩවියට යොමු කිරීමෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතා ගොනු කළා. ඉන් පසු නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා III වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ද සාකච්ඡාවක් පැවැත් වුවා.එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව ලේඛණය යළි සකස් කළා.