එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීම අනුව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත්කළ බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කළ ලිපිය ඔහුගේ නිවසට යොමුකර ඇති බව වාර්තාවෙයි.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතා විජේදාස රාජපක්ෂ මහතාව අමාත්‍යධුරයෙන් ඉවත් කිරිමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බවට නිල වශයෙන් ඊයේ (22දා) ජනපතිට දැනුම් දුන්නේය.