ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට අයත් ඇමති ධුරයන්ද ඇතුළුව දැනට අමාත්‍ය මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 92 ක් වන බවත්, ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයට එක්වීමට කැමති ඕනෑම මන්ත්‍රීවරයෙකුට තවත් අවස්ථා තිබෙන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(07දා) පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගියදා (06දා) පාර්ලිමේන්තුව තුළ කළ විමසීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (07දා) දිනයේවිමසූ අවස්ථාවේදීය.
ඒ අනුව, කබිනට් අමාත්‍යවරුන් 47ක්ද, රාජ්‍ය අමාත්‍යවරුන් 25 දෙනෙකුද මේ වනවිට අමාත්‍යමණ්ඩලයේ සිටින බවද ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා පවසා සිටියේය.